28 C
Colombo
June 3, 2025
Local News News

උතුරට තවදුරටත් වැසි

කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමීටර් 42. 9ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි.

වව්නියාව ප්‍රදේශයට මිලිමිටර් 16. 2ක් ද මඩකළපුවට මිලිමීටර් 7.2ක ද වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර උතුරු පළාතට ඇද හැළෙන අධික වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට අයත් පුද්ගලයින් 54,819ක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට සහන කඳවුරු 38ක පුද්ගලයින් 11,299ක් රඳවා ඇති බවයි.

මේ අතර ගතවු පැය 24 තුළ කොළඔට මිලිමිටර් 33.7ක් ද, රත්නපුරට මිලිමීටර් 16ක්ද වර්ෂාපතනයක් ලැබී තිබේ.
(under the courtesy of newsfirst.lk web)

Related posts

බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

Shiran Viraj

කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයි

Shiran Viraj

ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්

Shiran Viraj