28.4 C
Colombo
June 9, 2025
Local News News

තවත් අනතුරක් ද?

සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ.

මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 වියැති එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමු වී තිබේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව එස්. ප්‍රේමදාස පැවසිය.

අනෙකුත් වී වගාවන්ට හා භෝග වලටද වැළදීමට පෙර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Shiran Viraj

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතිය

Shiran Viraj

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Shiran Viraj