27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

තවත් අනතුරක් ද?

සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ.

මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 වියැති එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමු වී තිබේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව එස්. ප්‍රේමදාස පැවසිය.

අනෙකුත් වී වගාවන්ට හා භෝග වලටද වැළදීමට පෙර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

Shiran Viraj

මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..

Shiran Viraj

මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා

Shiran Viraj