April 2, 2026
Local NewsNews

තවත් අනතුරක් ද?

සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ.

මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 වියැති එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමු වී තිබේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව එස්. ප්‍රේමදාස පැවසිය.

අනෙකුත් වී වගාවන්ට හා භෝග වලටද වැළදීමට පෙර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Shiran Viraj

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

Shiran Viraj

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj