April 4, 2026
NewsPolitical

විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති

පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කරනු ලැබීය.

පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත‍්‍රී පිරිසක් විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවන් සාකච්චා සදහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කලාට කිසිම ප‍්‍රශ්නයක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට එන්නට එපා යයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කල නායකයනට ගරහමින් මිලග මැතිවරණවලදී වැඩි ඡුන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුන් තව දුරටත් කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු කොළඹ නාගරික මන්ත‍්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාට

Shiran Viraj

අද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයි

Shiran Viraj

පීඩන අවපාතය ත‍්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව‍්‍ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..

Shiran Viraj