February 2, 2026
Local NewsNews

කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙති

යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි පොලීසිය කියා සිටියේය.

මාණිප්පායි ප්‍රදේශයේ ආවා කල්ලියේ නායකයෙකු වූ සන්නා නමැත්තාගේ බවට සැකකෙරෙන නිවසක් වෙත අදාළ පහරදීම සිදුකොට ඇත.

යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කොටගෙන කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදුකොට ඇත.  එහිදී පුද්ගල හානියක් සිදු කොට නැතත් නිවසේ නවතා තිබූ යතුරුපැදි තුනකට කඩු වලින් කොටා හානි කොට පළා ගොස් ඇති බවට පොලීසිය කියා සිටියේය.

අදාළ පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති වුවද අදාළ පිරිස් කඩු රැගෙන පැමිණෙන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති අතර ඒ ඔස්සේ පරික්ෂණ අරඹා ඇති බවටද මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Shiran Viraj

IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයි

Shiran Viraj

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj