September 19, 2026
Local NewsNews

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද(26) සහ හෙට(27) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී විශේෂයෙන් දකුණු හා සබරගමුව පළාත්වල මෙම තත්ත්වය ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි සහ ඌව සහ මධ්‍යම පළාත්වලත් කෑගල්ල, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

මඩකලපුව, අම්පාර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් මද වැසි ඇති විය හැකියි.

දකුණු, සබරගමුව, මධ්‍යම බස්නාහිර හා ඌව පළාත්වල ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි. 
(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Shiran Viraj

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Shiran Viraj