April 4, 2026
Local NewsNews

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස්  ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි සේවාව නිවේදනය කර සිටිනවා.

ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඉකුත් පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඉදිරියේදී මෙරට තුල ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායම් විසින් යලිත් වරක් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයෙන් පසු සවුදි තානාපති කාර්යාලය වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට පියවර ගෙන ඇති බව සඳහන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Shiran Viraj