April 1, 2026
Local NewsNews

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

ශ්‍රී ලංකා ගුවන් සේවයේ පරිපාලනයට එක් කර ගත් ඉහළම නිළධාරියෙකුට සේවකයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ.

එනම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිළධාරී ලෙස පත් කර ගත් මොහොමඩ් ඕමාර් නම් පුද්ගලයෙකු පිළිබඳවය.  ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වීමට පෙර මෙම පුද්ගලයා සේවය කර ඇත්තේ ඇෆ්ගණිස්ථානයේ ගුවන් සේවයක වීම කතාබහට ලක්ව තිබේ.

ජොශ් බුස්ටොස් මෙම පුද්ගලයාගේ මුල් නම වන අතර ඇෆ්ගණිස්ථානයේ සේවය කළ සමයේ ඔහු ඇෆ්ගණ් කාන්තාවක් සමග විවාහ වී ඉස්ලාමයට හැරී තිබේ. ඔහු මොහොමඩ් ඕමාර් නමින් සිය නම වෙනස් කර ඇත්තේ ඉන් පසුය.

මෙම පුද්ගලයා ඇෆ්ගණ් ගුවන් සේවයට අනුයුක්තව කටයුතු කරද්දි බොහෝ දූෂණ චෝදනා එල්ල වූවෙකි. ඔහු සිදු කළ දූෂණ වංචා නිසාම ඔහු සේවය කළ ඇෆ්ගණ් ගුවන් සේවය බංකොළොත් වී තිබෙන බවද කියවේ.

මෙවැනි පසුබිමක් සහිත පුද්ගලයෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට බඳවා ගෙන තිබෙන්නේ කිසිඳු ආරක්ෂක පසුබිම් පරීක්ෂාවකින් පසු නොවීමත් විශේෂත්වයකි. මෙම පුද්ගලයා පිළිබඳ එවැනි පරීක්ෂාවක් ශ්‍රී ලංකන් එයා ලයින්ස් ආයතනයරඹා ඇත්තේ රට තුල උද්ගතවූ ත්‍රස්ත ක්‍රියා මාලාවෙන් පසු වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රධාන ව්‍යාපාරයකි. එවන් ආයතනයක නිළධාරීන් පත් කිරීමේදි ඉතා සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකන් සේවකයො පෙන්වා දෙති.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…

Shiran Viraj

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Shiran Viraj

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Shiran Viraj