January 29, 2026
NewsSportsSports News

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අදත් පැවැත්වීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කළ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානයේ තහවුරු කර ගත්තේය.

රග්බි ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ දිනයේදී කොබෝ ක්‍රීඩාංගණයේදී තරග වැඳුණේ දකුණු අප්‍රිකාව සහ කැනඩාවයි.

එම තරගය ආරම්භයේ පටන් පාලනය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් සමත් වුණේ කැනඩා ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින්.

තරගයේ පළමු අර්ධයේ 9 වැනි මිනිත්තුවේදී,17 වැනි මිනිත්තුවේදී සහ 20 වැනි මිනිත්තුවේදී උත්සහක දිනුම් වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියක වේගවත්ව ලකුණු ත්‍රිත්වයේ වාර්තාව තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාවේ කෝබස් රොයිනාච් සමත් වුණි. 

ඒ දක්ෂතා සමඟ පළමු අර්ධයේදීම දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය වෙන් කර ගැනීමට සමත් වුණේ ලකුණු 47 ට 0 ක් ලෙස පෙරමුණ හිමි කර ගනිමින්.

දෙවන අර්ධයේදීත් කැනඩාවට ප්‍රභල අභියෝගයක් එල්ල කළ දකුණු අප්‍රිකාව සිය ලකුණු සටහනට තවත් ලකුණු 19ක් එක් කරගත්තේය.

නමුත් කැනඩාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි.

ඒ අනුව ලකුණු 66 ට 7 ක් ලෙස තරගයේ ජය හිමි කර ගත් දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනිමට සමත් වුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…

Shiran Viraj

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

Shiran Viraj