27.4 C
Colombo
July 27, 2025
NewsPolitical

එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරි

එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයේ දී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා ලද්දේ අසීරු තීන්දුවක් බවද මහ ලේකම්වරයා පැවසීය.

එම තීන්දුව සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය නායකයින් කලකිරීමක සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තෝරාගත යුත්තේ සමාන අදහස් ඇති පක්ෂ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

Shiran Viraj

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj