28.4 C
Colombo
March 30, 2026
Local NewsNews

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (25) නියෝග කළා .

අද දින සාක්ෂි ලබා දීමට මැගසින් බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු ලෙසට කටයුතු කළ කුඩා බංඩාර මහතා මහාධිකරණයේ පෙනී සිටි අතර පැමිණිලි පාර්ශ්වය විසින් සාක්ෂි සදහා ඉදිරිපත් කළ ජායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය විරෝධතා ඉදිරිපත් කරනු ලැබුවා.

සාක්ෂි විභාගයට පෙර මෙම ජායාරූප නිෂ්පාදනය කළ උපාංග වෙත ප්‍රවේශ වීමට විත්ති පාර්ශ්වයට අවස්ථාවක් නොලැබුණු බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයේ චෝදනා කර සිටියා. ඒ අනුව මීලඟ නඩු දිනට පෙර විත්ති පාර්ශ්වයට එම විද්‍යුත් උපාංග වෙත ප්‍රවේශ වීමට අධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා.

ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 ට කල් තැබුවා.

අධිචෝදනා 33 ක් යටතේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා ඇත.


(under the courtesy of nethnews.lk news web)

Related posts

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

Shiran Viraj

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

Shiran Viraj