April 5, 2026
NewsSportsSports News

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

හත්වන ලෝක ආරක්ෂක කි‍්‍රඩා උළලේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලී ඊයේ සමත් වුණා. 

එහිදි ඇය දැක්වූ දක්ෂතාව මීටර් 52යි දශම 7යි 3ක්. එම ඉසව්වේ රන් පදක්කම චීන කි‍්‍රඩිකාවක් දිනා ගත් අතර රිදී පදක්කම හිමි වුණේ බ‍්‍රසීල කි‍්‍රඩිකාවකටයි. 

මෙම තරගාවලියේ ඊයේ පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වට එක්වූ විදුෂා ලක්ෂානි පස්වන ස්ථානය හිමිකර ගත්තා. 

මේ වන විට මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකාව එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගෙන සිටිනවා. 

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිමාලි ලියනාරච්චි එම රිදී පදක්කම ශී‍්‍ර ලංකාවට  දිනා දුන්නා. ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් අනෙක් ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයි

Shiran Viraj

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Shiran Viraj

බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..

Shiran Viraj