31.1 C
Colombo
June 9, 2025
Local News News

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

ඊයේ පස්වරුවේ කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවලදී මහවිරු සැමරුම් පවත්වා ඇති අතර එ්වාට සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබේ.

කිලිනොච්චිය සමුපකාර ශාලාවේ එක් සැමරුමක්ද, පුනරින් කමුලමුනේ හන්දියේදී තවත් සැමරුමක් ද පවත්වා තිබේ.

මේ සඳහා පැමිණි පිරිස් ඉටි පහන් දල්වා මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු මිය ගිය පිරිස් සිහි කර තිබේ.

සංවිධායකයින් විසින් මියගිය පිරිස සිහිපත් වීමට පොල් පැළය බැගින් බෙදා දී ඇත.

මේ සඳහා ආධාර මුදල් ලබා දී ඇත්තේ ලන්ඩනයේ පිහිටි දෙමළ ඩයස්පෝරා ශාඛාව විසිනි.

ප්‍රභාකරන්ගේ උපන් දිනය වන අද දිනයේ ද හෙට දිනයේ ද තවත් මහවිරු සමරු කිහිපයක්ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එම ස්ථාන අලංකාර ලෙස සරසා ඇතැයි උතුරේ ආරංචි කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Shiran Viraj

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා

Shiran Viraj

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj