April 4, 2026
Local NewsNews

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

ඊයේ පස්වරුවේ කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවලදී මහවිරු සැමරුම් පවත්වා ඇති අතර එ්වාට සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබේ.

කිලිනොච්චිය සමුපකාර ශාලාවේ එක් සැමරුමක්ද, පුනරින් කමුලමුනේ හන්දියේදී තවත් සැමරුමක් ද පවත්වා තිබේ.

මේ සඳහා පැමිණි පිරිස් ඉටි පහන් දල්වා මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු මිය ගිය පිරිස් සිහි කර තිබේ.

සංවිධායකයින් විසින් මියගිය පිරිස සිහිපත් වීමට පොල් පැළය බැගින් බෙදා දී ඇත.

මේ සඳහා ආධාර මුදල් ලබා දී ඇත්තේ ලන්ඩනයේ පිහිටි දෙමළ ඩයස්පෝරා ශාඛාව විසිනි.

ප්‍රභාකරන්ගේ උපන් දිනය වන අද දිනයේ ද හෙට දිනයේ ද තවත් මහවිරු සමරු කිහිපයක්ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එම ස්ථාන අලංකාර ලෙස සරසා ඇතැයි උතුරේ ආරංචි කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයි

Shiran Viraj

‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

Shiran Viraj

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

Shiran Viraj