September 16, 2025
NewsPolitical

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව විශ්‍රාමික අගමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද තමන්ටද ලබාදීමට කටයුතු කරන්නැයි වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ අතර අද පෙරවරුවේ වික‍්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක තිබේ.

එම හමුව සඳහා මාධ්‍ය ආවරණයට ඉඩ දී නැති අතර පිටතට පැමිණි වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එහි පැමිණියේ ස්තූති කිරීමට බවයි.

වික්‍රමසිංහ මහතාගේ එම ගමන සඳහා කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එක්ව සිටියේ නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Shiran Viraj

මාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..

Shiran Viraj

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

Shiran Viraj