28.9 C
Colombo
April 1, 2026
BusinessBusiness NewsNews

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම නිසා බස්රථ සහ ට‍්‍රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් සෙසු වාහන ඛාණ්ඩවලට වැට් බද්ද අදාළ නොවන නිසා එම වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ඔවුන් පැවසුවේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ රුපියල් 50000ක පමණ මුදලකින් මෙම වෙනස සිදු වනු ඇති බවයි.

මීටපෙර සියයට 15ක්ව පැවැති වැට් බද්ද සහ සියයට 02 ක්ව පැවැති ජාතිය ගොඩගැනීමේ බද්ද ඒකාබද්ධ කර වැට් බද්ද සියයට 08 ක් දක්වා අඩුකිරීමට සහන පැකේජය යටතේ කටයුතු කෙරුණා. මෙම වැට් බදු සංශෝධනය ඉකුත් පළමු වැනිදා සිට කි‍්‍රයාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”

Shiran Viraj

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Shiran Viraj

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj