28 C
Colombo
June 3, 2025
Business Business News News

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම නිසා බස්රථ සහ ට‍්‍රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් සෙසු වාහන ඛාණ්ඩවලට වැට් බද්ද අදාළ නොවන නිසා එම වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ඔවුන් පැවසුවේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ රුපියල් 50000ක පමණ මුදලකින් මෙම වෙනස සිදු වනු ඇති බවයි.

මීටපෙර සියයට 15ක්ව පැවැති වැට් බද්ද සහ සියයට 02 ක්ව පැවැති ජාතිය ගොඩගැනීමේ බද්ද ඒකාබද්ධ කර වැට් බද්ද සියයට 08 ක් දක්වා අඩුකිරීමට සහන පැකේජය යටතේ කටයුතු කෙරුණා. මෙම වැට් බදු සංශෝධනය ඉකුත් පළමු වැනිදා සිට කි‍්‍රයාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

Shiran Viraj

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

Shiran Viraj

මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Shiran Viraj