26.2 C
Colombo
July 27, 2025
Local NewsNews

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබෙනවා. ඒ අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය විසින්ය.

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී යුරෝපය ඇතුළු රටවල් රාශියක් අධික ලෙස හිමෙන් වැසි යන අතර බොහෝ විදෙස් සංචාරකයින් සිය නත්තල් නිවාඩුව සහ නව වසර උදාව සැමරීම සඳහා උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කිරීම සිදුකරනු ලබනවා.

ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට ලබාදී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: අවසන් කෙටුම්පතක් නොමැති බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පවසයි

Shiran Viraj

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Shiran Viraj

සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්

Shiran Viraj