26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…

කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නිරෝධන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අවශ්‍ය තරම් මෙරට තුළ පවතින බවද ඔහු පැවසීය.

කොතරම් පිරිසක් පැමිණියත් ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා ගැනීමට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

පළමු පෙළ ඇතැම් ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යාමේදී විවිධ ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ නිසා ඊට පිළිතුරක් ලෙස ඔවුන් නිවෙස් තුළම නිරෝධායන කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිගේ උපදෙස් මත හඳුන්වා දුන් බවත් හමුදාපති වරයා පැවසීය.

වයෝවෘද්ධ පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යාමයේ දී ගැටළුවලට මුහුණ දෙන බව පැවසූ ඔහු තවත් අය නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිය විට තම නිවාස බලා ගැනීමේ ප්‍රශ්නයක් මතුවන බවද කියා සිටියේය.

කෙසේ නමුත් නිවාසවල නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් එම කාර්යය අවභාවිතා කළ හොත් වහාම නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කරන බවද ඔහු තවදුරටත් පැවසීය

Related posts

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Shiran Viraj

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Shiran Viraj

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Shiran Viraj