27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

නව ආසාදිතයින් 164ක්

අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති බවය.

අනෙක් කොවිඩ් ආසාදිතයින් 121 දෙනා මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,224 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද උදෑසන ආසාදිතයින් 344ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5249ක් විය.

adaderana

Related posts

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

Shiran Viraj

රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

Shiran Viraj