27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (02) දින කටයුතු කලහ.

එම බැංකුවේ කලමණාකාරවරයා නිවාඩු ගොස් සිටියදි සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව කලමණාකාරවරයාට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග බැංකුවේ සේවය කල කාර්යය මණ්ඩලය ඔහුන් රැදි සිටි ස්ථානවලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

බැංකුවේ කලමණාකාරවරයාගේ ඥාතියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවටද තහවුරු වි ඇත.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් (02) දින එම බැංකුවේ ප්‍රධාන දොරටුවේ නිරෝධානය ස්ටිකරය අලවා ප්‍රදර්ශනය කර ඇත.

පසුගිය දින කිහිපය තුල සහ (02) දිනයේ අදාල බැංකුව වසා දමා තිබු අතර , කලමණාකාරවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට හැටන් පොලිසියට සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට සෞඛ්‍යය අංශ විසින් දැනුම් දි ඇත.

එම බැංකුවේ ගණුදෙණුකරුවන් සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා ගන්නා බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

lankacnews

Related posts

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

Shiran Viraj

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි

Shiran Viraj

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Shiran Viraj