28 C
Colombo
June 3, 2025
Local News News

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුව පොලීසියේ ද තවත් 17 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිත නිලධාරීන් ගණන 180කි.

එමෙන්ම තවත් නිලධාරීන් 257ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. 

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට කොවිඩ් -19 වෛරස ආසාදිත නිලධාරීන් 297ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ (04) කොවිඩ් -19  වෛරස ආසාදිතයන් 33ක් වාර්තා වී තිබුණි.

ඉන් 06ක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් ය.

මොවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ය.

adaderananews

Related posts

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

Shiran Viraj

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

Shiran Viraj