27 C
Colombo
July 27, 2025
International NewsNews

කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජා ගේ සොයුරාට එරට අධිකරණයක් විසින් වසර 4 1/2ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, තමාගේ ආදර ප්‍රතිවාදියා අපහසුතාවයට පත් කිරීම සඳහා ව්‍යාජ ත්‍රස්ත කුමන්ත්‍රණයක් නිර්මාණය කළ බවට ඔහු  අධිකරණයේ දී පිළිගැනීම හේතුවෙනි.

40 හැවිරිදි අර්සලාන් ක්වාජා, මේ වනවිට යම් කාලයක් බන්ධනාගාරගතව සිටි බැවින් එළඹෙන ජුනි (2021) මාසයේදී ඔහුට නිදහස්වීමට අවස්ථාව හිමිවන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම සිද්ධිය 2018 වසරේදී වාර්තා වුනු අතර අනතුරුව අර්සලාන් ක්වාජා ව පොලිස් අත්අඩංගුවට පත්විණි.

අනතුරුව 2019 නොවැම්බර් මාසයේදී ඔහු සිය වරද පිළිගත්තේය.

යුක්තියේ මාවත විකෘති කිරීම ඇතුළු චෝදනා 4කට තමා වැරදිකරු බව ද අර්සලාන් ක්වාජා පිළිගත්තේය.

එහිදී අර්සලාන් ක්වාජා, තමා “බියගුල්ලෙක්” ලෙස හඳුන්වා ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණය තුළදී ක්වාජා හඬා වැටී ඇති අතර 2017 සහ 2018 වසර වලදී කාන්තාවන් දෙදෙනෙකුගේ අවධානය ලබාගැනීම සඳහා තම මිතුරන් දෙදෙනෙකුට එරෙහිව ව්‍යාජ පැමිණිලි කළ බව ඔහු පිළිගෙන තිබුණි.

2018 වසරේ මැද භාගයේදී, තම විශ්වවිද්‍යාල සගයෙක් වූ ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් ගේ සටහන් පොතෙහි සිය අත්අකුරින් විවිධ සටහන් තබා ඇත.

පසුව ඔහු එම සටහන් පොත විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට දී තිබේ.

එම ව්‍යාජ සටහන් වල දක්වා ඇත්තේ අයිඑස්අයිඑස්, ජිහාඩ් සහ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි.

“බෝම්බ සහ අවි ආයුධ පුහුණුව ලංකාවේ දී ලබාගන්න,” ඉන් එක් සටහනක දක්වා තිබුණි.

ඔස්ට්‍රේලියානු දේශපාලඥයින් සහ සිඩ්නි ඔපෙරා මන්දිරය වැනි එරටෙහි සුවිශේෂ ස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද එම සටහන්වල දක්වා තිබේ.

විශ්වවිද්‍යාලයේ සේවය කළ ශකීලා ෂහීඩ් නම් තරුණිය දිනා ගැනීමේ අදහසින් තමා නිසාම්ඩීන් ව පැටලවූ බව ඔහු අධිකරණයේදී පිළිගෙන තිබුණි.

“මට නිසාම්ඩීන් ව අමාරුවේ දාන්න වුවමනාවක් තිබ්බේ නෑ. ඔහු හොඳ කෙනෙක්. ඒ වගේම මගේ හොඳ මිතුරෙක්.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසාම්ඩීන් ව ඔස්ට්‍රේලියානු ප්‍රති-ත්‍රස්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සති 4ක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි අතර පසුව ඔහුට ඇප ලැබුණි.

2018 ඔහුට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කළේය.

adaderananews

Related posts

ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..

Shiran Viraj

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj