25 C
Colombo
September 15, 2026
Local NewsNews

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුව පොලීසියේ ද තවත් 17 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිත නිලධාරීන් ගණන 180කි.

එමෙන්ම තවත් නිලධාරීන් 257ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. 

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට කොවිඩ් -19 වෛරස ආසාදිත නිලධාරීන් 297ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ (04) කොවිඩ් -19  වෛරස ආසාදිතයන් 33ක් වාර්තා වී තිබුණි.

ඉන් 06ක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් ය.

මොවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ය.

adaderananews

Related posts

නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

Shiran Viraj

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…

Shiran Viraj

පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.

Shiran Viraj