29 C
Colombo
June 3, 2025
International News News

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේදී ප‍්‍රකාශයක් සිදු කරමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේ තමාට හිමි ඡන්ද බහුතරයක් සොරකම් කර ඇති බවයි. නමුත්, ට‍්‍රම්ප් මෙම අදහස් ප‍්‍රකාශ කර ඇත්තේ, කිසිදු සාක්ෂියක් නොමැතිව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

කෙසේ වෙතත් තමා මේ වනවිටත් ජනපතිවරණයේ ජය තහවුරු කර අවසන් බව පාක්ෂිකයින් අමතමින් ජෝ බයිඞ්න් ප‍්‍රකාශ කර තිබෙනවා. අවසන් ප‍්‍රතිඵලයද තමන් විසින්ම පාක්ශිකයින් වෙත ප‍්‍රකාශයට පත් කරන බව ජෝ බයිඞ්න් අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.            

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රථිඵලය තවමත් නිකුත් වී නැහැ. තවත් ප‍්‍රාන්ත 05 ක ප‍්‍රථිඵල නිකුත් වීමට නියමිතයි. ප‍්‍රකාශිත ප‍්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල 264 ක ජය හිමි කරගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් විසින්. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණයි.

nethnews

Related posts

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Shiran Viraj

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

Shiran Viraj