28.4 C
Colombo
March 30, 2026
Local NewsNews

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය වන උපදේශන සේවා සැපයීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් 19 යි 27 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා. කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර හා උපදේශන සේවාවන් වෙත ප‍්‍රවේශ වීමට බාධාවක් වී ඇති බැවින් ඊට විසඳුමක් ලෙසයි මෙම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇත්තේ.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින් මුහුණ පාන ගැටළු සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් දුරස්ථ ප‍්‍රවේශයක් අනුගමනය කරමින් සම්පාදනය කිරීම 19 යි 27 කෙටි දුරකථන මාර්ගය ඔස්සේ සිදු කෙරෙනවා. සෑම දිනකම පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා ති‍්‍රත්වයෙන් මෙම දුරකථන මාර්ගික උපදේශන සේවාව කි‍්‍රයාත්මක කෙරෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර සඳහන් කළේ.

Related posts

කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මං

Shiran Viraj

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

Shiran Viraj

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj