April 8, 2026
Local NewsNews

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණ

කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29 දා) පැවැසීය.

බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වැළඳී ඇතැයි සැකකරන පිරිසක් මෙසේ කි‍්‍රයාකරන බවට ලැබෙන තොරතුරු අනුව කිසියම් සංවිධානාත්මක කල්ලියක් ජනතාව නොමඟ යවන බවට තොරතුරු ලැබෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මේ අතර, බණ්ඩාරගම ඇතුළු හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජනතාවට පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමුවන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළහොත් එයට අනිවාර්යයෙන්ම යොමුවන ලෙසටද හෙතෙම ඉල්ලීමක් කළේය.

එසේ යොමු නොවන්නේ නම් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ නඩු පවරන බවත්, ඊට අමතරව ඔවුන්ගේ දේපළද තහනම් කිරීමටද කටයුතු යොදන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

lankaleadnews

Related posts

අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයි

Shiran Viraj

සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..

Shiran Viraj

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.

Shiran Viraj