April 3, 2026
Local NewsNews

‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැලදී ඇතැයි සමාජ ජාලවල පුවතක් වූ හුවමාරු වෙමින් පවතී.

ඒ හේතුවෙන් ඔහු නුවර ජනාධිපති මන්දිරයේ රැදී සිටින බවත් කොළඹ සිට ඔහුට ආහාර පාන කොළඹ සිට ගුවනින් ගෙන යන බවත් එම වාර්තාවන් හි දැක්වේ.

කෙසේ වෙතත් එම වාර්තා අසත්‍ය බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.

ගුවන් හමුදාව එවන් කටයුතු සඳහා යානා යොදවන්නේ නැතැයිද ඔහු පැවසීය.

රෝහිත රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ සහ කුඩා පුතු ද සමාජයෙන් වෙන් වීම ඳහා මහනුවර ජනාධිපති මන්දිරයේ රඳවා සිටින බවටත් ඔවුන් දිනපතා ආහාර ගෙන යන්නේ ගුවන් හමුදාවට අයත් යානයකින් බවත් සමාජ මාධ්‍ය වල වාර්තා වී තිබිණි.

මේ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෙය අමූලික අසත්‍යයන් බව පැවසුවේ යයි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත.

lankacnews

Related posts

රංගන හේරත් සමු ගන්න එයි

Shiran Viraj

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

Shiran Viraj

අද සිට විශේෂ දුම්රිය සේවා

Shiran Viraj