29.5 C
Colombo
July 10, 2026
Local NewsNews

බන්ධනාගාර රැඳවියන් මනෝ පෙති ගහලා මත්වෙලා උන් උන්ම ගහගත්තා

මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස කටයුතු කර ඇත්තේ එහි බෙහෙත් ගබඩාව බිඳ දමා විවිධ වර්ගයේ ඖෂධ භාවිත කිරීම හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. අද කොළඹදී  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන එක්නායක මහතාද මෙහිදී තහවුරු කළේය.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්,  අජිත් රෝහණ මහතා කියා සිටියේ එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවය.

එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවත්ය.
මෙම පෙත්වර්ග ලබාගැනීමෙන් පසු ඔවුනොවුන් ඇනකොටාගැනීමද වාර්තාවී ඇති බව ඔහු විස්තර කළේය.
 ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ඔහු පැවසීය.

 ඔහු තවදුරටත් පැවසුවේ, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවය.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,750ක් සිටින බවත් ඉන් දඬුවම් ලැබූ රැඳවියන් සහ රිමාන්ඩ් රැඳවියන් 1600ක් පමණ වන බවත් ද ඔහු පැවසීය.

ආහාර ගන්නා ස්ථානයේ දී එම 1600ක පමණ පිරිස එකතු වී දොරවල් කඩාගෙන එළියට පැමිණ බන්ධනාගාරයේ ඉදිරිපිට දොරටුව ඉදිරිපිටට රැස්ව පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලීම් කර තිබේ.

අනතුරුව බන්ධනාගාර අධිකාරීවරයා හා තවත් නිලධාරීන් ගොස් සාකච්ඡා සිදුකර ඇති නමුත් රැඳවියන් නිලධාරීන්ට පහර දීමට වටකර ගෙන ඇති බවත් පසුව විශාල වශයෙන් ගල් හා පොලු ප්‍රහාර එල්ල කරමින් පැනයෑමට උත්සහ කළ බවත් කියැවිණි.

ඒ අවස්ථාවේ දී අවවාද කළත් පාලනය කර ගැනීමට නොහැකි වු බැවින් රබර් උණ්ඩ යොදා වෙඩි තැබූ අතර, පසුව යම් බලයක් යොදා එම තත්ත්වය පාලනය කිරීමට සිදුවු බවත් පැවසු ඒ මහතා බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ තිබු මානසික රෝග සඳහා පාවිච්චි කරන බොහෙත් සහ අනෙකුත් සියලු පෙති වර්ග රැඳවියන් විසින් පානය කරන ලදැයි ප්‍රකාශ විය.

ඉන් අනතරුව ඔවුන් වඩාත් ප්‍රචණ්ඩව හැසිරුණු බවත් පසුව ඔවුන් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ විශාල හානියක් සිදුකළ බවත් මාධ්‍ය සාකච්ඡාවේදී කියැවිණි.

gossiplankanews

Related posts

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

Shiran Viraj

රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…

Shiran Viraj

එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයි

Shiran Viraj