January 28, 2026
NewsPolitical

මමත් සිංහරාජය කපල, හිටවල දෙන්නම් – විදුර වික්‍රමනායක

හොරණ දික්හේනපුර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කර සිටියේ; දේශපාලඥයන් රටේ වනාන්තර සහ රක්ෂිතයන් මුලුමනින්ම විනාශ කර ඔවුන්ම මුල්වී තමන්ගේ වියදමින් එය නැවත ඇති කළ යුතු බවට තීන්දු තීරණ ගන්නා බවයි.

සිංහරාජය වැනි රක්ෂිත වනාන්තරයක් කපා දමා නැවත සිටුවීමට ලැබේ නම් තමන් වුවද ඊට අකමැති නොවන බවද සභාව සිනා ගන්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.

රාජ්‍ය මුදල් අවභාවිතා කළ චෝදනා නැති අයට පමණක්, නාම යෝජනා ලබා දෙන්නැයි මැතිවරණයට පෙර පක්ෂ නායකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කල නමුත් ඒවා නායකයන් සලකන්නේ නැතැයිද ඔහු පැවසීය.

හොරකම් කළ මුදල්වලින් කුට්ටියක් පක්ෂවලටත් යන්නේ දැයි තමන් නොදන්නා බව ද පැවසූ ඔහු ඕනෑම පක්ෂයක් එසේ වන බව ද පවසා සිටියේය.

Related posts

රනිල් 85%ක් ගන්නවා..

Shiran Viraj

ගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…

Shiran Viraj

“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්

Shiran Viraj