February 1, 2026
NewsPolitical

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අද ත‍්‍රස්තවාදීන් සමරනවා. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය අප විනාශ කළ පසුව ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය තහනම් නොකළ නිසා ඔවුන් කොටි සන්ධානයට පක්ෂ ප‍්‍රකාශ නිකුත් කරන බවත්මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ඊයේ පැවති ආරක්ෂක වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,
”ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අද ත‍්‍රස්තවාදීන් සමරනවා. කොටි සංවිධානයේ දේශපාලන හස්තය වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය අප විනාශ කළ පසුව ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය තහනම් නොකළ නිසා ඔවුන් කොටි සන්ධානයට පක්ෂ ප‍්‍රකාශ නිකුත් කරනවා. එය අප කළ වරදක්. එය නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුණොත් මේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් ඊට වගකිව යුතුයි. හමුදාවේ අයත් හැඟීම්බර වෙනවා. මගේ පුතා තාත්තාව නිල ඇඳුමෙන් වැඳලා බදාගෙන සුබ පැතීම කවුරුන් හෝ විවේචනය කරනවා නම් ඔහුට හැඟීම් ගැන කිසිම දැනීමක් නැහැ.”

lankaleadnews

Related posts

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට: වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කිරීමට සූදානම්

Shiran Viraj

සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

Shiran Viraj

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

Shiran Viraj