July 12, 2026
Local NewsNews

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති අනිල් වීරසිංහ නැමැත්තෙකු පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

එම තනතුර සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට වාර්තා වන බව අද (04) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එවැනි තනතුරක පත්වීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී නොමැති බවත් තමාගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.

කෙසේ වූවද; ඊයේ (03) ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු බාරයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත්, ඒ අනුව එහි ප්‍රථම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නිර්දේශ වී ඇත්තේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති අනිල් වීරසිංහ මහතා බවත්ය.

Related posts

පාසල් පෙළපොත්වල වර්ණ සංයෝජනය පිළිබඳ සමාජ මාධ්‍ය විවාදය

Shiran Viraj

කොළඹ කොටස් වෙළෙඳපොළට අඳුරු දවසක්: දර්ශක දෙකම දැඩි ලෙස පහළට

Shiran Viraj

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

Shiran Viraj