September 13, 2025
Local NewsNews

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 649ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටිනවා.

අද වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට අයත් 451ක්, බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 දෙනෙකු සහ ඊට අමතරව විදේශගතව සිට පැමිණි අයෙකු ද ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

අද දිනය වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 27,877ක් වාර්තා වී තිබෙන අතර ඉන් සුවය ලද සංඛ්‍යාව 20,460ක් වනවා . රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,280ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,322ක් වනවා.

newswire

Related posts

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Shiran Viraj

විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…

Shiran Viraj

ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්

Shiran Viraj