27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් වලටය.

මෙම ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගම්මානවල පදිංචිකරුවන් විශාල පිරිසකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති බැවින් මෙලෙස සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

Related posts

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Shiran Viraj

ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

Shiran Viraj

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

Shiran Viraj