January 30, 2026
NewsPolitical

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එම සංචාරකයන් රටට ගෙන්වන ලද්දේම කොරෝනා ආසාදනය වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පූර්ව සූදානමක් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් නැති බවත් ඒ නිසා ඔවුන්ගෙන් කොරෝනා පොකුරක් ඇති වේ යැයි බිය විය යුතු නැති බවද ඒ මහතා කියා සිටියේය.

එම සංචාරකයන් මෙරට සිටින කාලය අතරතුර නවතින හෝටල් වල සියලුම සේවකයන්ද දින දාහතරක් නිරෝධායන කාලයකට ලක්කරන බවත් සංචාරකයන් රැඳී සිටින කාලයේදීත් නිරෝධායනයේ දීත් එම සේවකයන්ට පිට වීමට අවස්ථාවක් නැති බවත් ඇමතිවරයා පැවසීය.

ඒ හේතුවෙන් සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නොනවත්වන බවත් එය සැළසුම් කළ පරිදි දිගටම ක්‍රියාත්මක කරන බවත් තව දුරටත් කියා සිටියේය.

Related posts

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

Shiran Viraj

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Shiran Viraj