30.7 C
Colombo
July 27, 2025
Local NewsNews

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…

 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි.

මන්නාරමේ සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ යාපනයේ සිට වව්නියාව දෙසට ගමන්ගත් වෑණ් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර වෑන් රථයට සහ බස්රථයටද දැඩි හානි සිදුව ඇත.

මෙම අනතුරට හේතුව අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීම බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Shiran Viraj