31.1 C
Colombo
June 9, 2025
Local News News

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතිය

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇති අතර, එමගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇත.

ඒ බව තහවුරු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් GAVI සංවිධානය (Global Alliance for Vaccines and Immunization) විසිනි.  මෙම එන්නත් පහසුකම ලබා ගැනීම සඳහා අධියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල් වෙත දැනුම්දී තිබේ.

ඉලක්කගත කණ්ඩායම් සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු සහ ඒ කොටස 2020 දෙසැම්බර් 07 දිනට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි. ශ්‍රී ලංකාව නිසි කලට එකී අයදුම්පත් ඉදිරිපත් කර තිබේ. දෙවන කොටස වන එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දි පූර්ණ ගිවිසුමට එළැඹීම සඳහා මේ මස 08 දිනට පෙර අයැදුම්පත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කොවැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීම් බී කෙටස ඉදිරිපත් කිරීමටත්, කොවැක්ස් පහසුකම මඟින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේ අදාළ නිෂ්පාකයා සමඟ ගිවිසුමකට එළැඹීමටත් සෞඛ්‍ය අමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කොවිඩ් 19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකයන් ඒකාබද්ධව කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම ලෙස හැඳින්වේ. ඒ යටතේ කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම සහ වැඩිදියුණු කිරීම කඩිනම් කරන අතර, ලෝකයේ සෑම රටකට ම එකී එන්නත ලබා ගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කරයි

noizetv

Related posts

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Shiran Viraj

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

Shiran Viraj

ආහාර වේලට පෝෂණීය වෙනසක්

Shiran Viraj