27 C
Colombo
July 27, 2025
Local NewsNews

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස අාසාදනය වි ඇති ⁣ මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති මුස්ලිම් පල්ලි කිහිපයක් දින කිහිපයකට තාවකාලිකව වසා දැමිමට (06) දා තිරණය කල බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පැවැසීය.

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේදී පදිංචි වයස අවුරුදු එක හමාරක දරැවෙකු සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සමග සාකච්ඡා කර එම තිරණය ගත් බව සභාපතිවරයා කිය.

කොරෝනා වෛරස තවදුරටත් පැතිරී පාලනය කිරිම සදහා සහ පල්ලි වලට ජනතාව ඒක රාශි විම වැලක්විම සදහා එම තිරණය ගනු ලැබු බවද චාමික ජයමණ විමලසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Shiran Viraj

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Shiran Viraj

ශානිට ඇප ලැබෙයි

Shiran Viraj