February 2, 2026
NewsSportsSports News

කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරට

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට කී‍්‍රඩිකාවන් තිදෙනෙකු සමත්ව තිබෙනවා. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ දෙවෙනි, තුන්වැනි, හා සිව්වැනි හොඳම දක්ෂතාවන් වාර්තා කිරීමට ඩිල්ශී කුමාරසිංහ, නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සමත් වුණා. ඒ නිමා වූ ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදීයි.

ඔවුන් තිදෙනා ජාතික ශූරතා මලල කී‍්‍රඩා තරගාවලියේ දී පිළිවෙලින් පලමු දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වුණා. මේ අතර ලෝක මලල කී‍්‍රඩා ලකුණු අනුව මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් නදීශා රාමනායක ලෝක ශ්‍රේණිගත කිරීම්වල 51 වන ස්ථානයේ පසුවනවා. ඇයට ආසියානු කලාපයේ හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. එමෙන්ම මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් නිලානි රත්නායක ලෝක ශ්‍රේණිගත කිරීම්වල 35 වන ස්ථානයේ පසුවනවා. ඇයටද ආසියානු කලාපයේ හිමිව ඇත්තේ 2 වන ස්ථානයයි.

මේ අතර, හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ ලෝක ශේණිගත කිරීම්වල 30 වන ස්ථානයේ පසුවන අතර ඔහුට ආසියානු කලාපයේ 6 වන ස්ථානය හිමිව තිබෙනවා.  මෙරට මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලකුණු ලබා ගත හැකි තරගාවලි සදහා සහභාගීවීමේ අවස්ථා අවම වුවද මෙලෙස දක්ෂතා අතර පසුවීම  පැසසිය යුතු බවයි මලල කී‍්‍රඩා විචාරකයින් පවසන්නේ.

Related posts

අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

Shiran Viraj

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Shiran Viraj

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

Shiran Viraj