31.1 C
Colombo
June 9, 2025
Local News News

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේය.

ජනතාවගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දැනටමත් සිවිල් ඇඳුමින් යුතු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඔහු පැවසීය.

ජනතාවගේ හැසිරීම නිසා නැවතත් කොරෝනා ආසාදිත පොකුරු හා අනු පොකුරු ඇතිවීමේ අවදානමක් මතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි කොළඹ නාගරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

Related posts

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Shiran Viraj

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

Shiran Viraj

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Shiran Viraj