29 C
Colombo
June 2, 2025
Local News News

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේය.

ජනතාවගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දැනටමත් සිවිල් ඇඳුමින් යුතු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඔහු පැවසීය.

ජනතාවගේ හැසිරීම නිසා නැවතත් කොරෝනා ආසාදිත පොකුරු හා අනු පොකුරු ඇතිවීමේ අවදානමක් මතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි කොළඹ නාගරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

Related posts

වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයි

Shiran Viraj

ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

Shiran Viraj

මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයි

Shiran Viraj