31.1 C
Colombo
June 9, 2025
News Sports Sports News

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ අත්හිටුවන විට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 04 ක් දැවී ලකුණු 320 ක් රැස්කරමින් ප‍්‍රබල ස්ථානයක පසුවුණා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 135 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 185 ක් ඉදිරියෙන් සිටිනවා. 

නායක ජෝ රූට් නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 168 ක්. ජෝස් බට්ලර් නොදැවි ලකුණු 07 ක් ලබා සිටිනවා. සිය මංගල ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කළ එංගලන්ත කී‍්‍රඩක ඩැන් ලෝරන්ස්, ලකුණු 73 ක් රැස්කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 03 ක් දවා ගත් අතර දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා. තරගයේ තුන්වන දිනය අදයි. 

මේ අතර එංගලන්ත කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාලූ ප‍්‍රදේශයේ හෝටලයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ තහවුරු වුණා.

Related posts

අලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…

Shiran Viraj

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Shiran Viraj

ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

Shiran Viraj