22.8 C
Colombo
January 28, 2026
International NewsNews

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් කොවිඩ් ආසාදිතයින් නොවන බවට සහතික කිරිම අනිවාර්ය බව එරට අගමැති බොරිස් ජොන්සන් අද නිවෙදනය කර සිටියා.

බ්‍රිතාන්‍යයට ඇතුළුවන ඕනෑම පුද්ගලයෙකු ඊට පැය 72 කට පෙර ලබාගත් වෛද්‍ය වාර්තාවක් අනුව තමන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට සහතික කළ යුතු වන අතර එසේ වෛද්‍ය සහතික ඉදිරිපත් නොකරන ඕනෑම පුද්ගලයෙකුට රටට ඇතුළු වීමට අවසර නොදෙන බවයි බ්‍රිතාන්‍යය අගමැතිවරයා ප්‍රකාශ කළේ.

රටට ඇතුළු වීමට අවසර හිමිවන පුද්ගලයින් දින 10 ක කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය වන අතර එම කාල සීමාවේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයකින් ඔවුන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට සහතික කිරීම අනිවාර්ය වන බවයි මාධ්‍ය අමතමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය මේ වන විටත් දකුණු අමෙරිකාව, පෘතුගාලය, මධ්‍යම අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සිට ගුවන් යානා හෝ මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කොට ඇත. ඒ මේ වන විට බ්‍රසීලයෙන් හමුවූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ඉක්මන් ව්‍යාප්තියක් පෙන්නුම් කිරිම හේතුවෙනි.

කෙසේ වුවත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් අද දිනයේ තහවුරු කලේ නව බ්‍රසීල කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් එරටින් හමුවී තිබෙන බවයි.

ගතවූ පැය 24 තුලදී බ්‍රිතානයෙන් කොවිඩ් ආසාදිතයින් 55,761 ක් සහ මරණ 1280ක් වාර්තා වී ඇත.

Related posts

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

Shiran Viraj

යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..

Shiran Viraj

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

Shiran Viraj