April 2, 2026
Local NewsNews

පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ්  වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ හඳුනාගත් බව දඹුල්ල පොලිසිය සඳහන් කර සිටිනවා.

ශ්‍රී දළදා මාලිගාවේ සේවය කළ පොලිස් නිලධාරියාගේ සිදුකරන ලද පිසිආර් පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි එම නිලධාරියාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද පිසිආර් පරීක්ෂණ වලට ලක් කොට තිබේ. ඒ අනුව ලැබුණු ප්‍රතිඵලය මත පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

පොලිස් නිලධාරියා සහ ඔහුගේ පුතා ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගිය බවත් බිරිඳ සහ දියණියන් දෙදෙනා  පැණිදෙණිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට පියවර ගත් බව දඹුල්ල පොලීසිය පැවසුවේ.

දඹුල්ල, කපුවත්ත හා අවට ප්‍රදේශවල මෙම පවුලේ සාමාජිකයින් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම මේ වන විට සෞඛ්‍ය අංශ මගින් සිදු කරමින් සිටින බවත් දරුවන්ගේ ඇසුරු කළ අයවලුන් සහ ඔවුන් පාසල් ගියේ ද යන්න තොරතුරු සොයමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

Shiran Viraj

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

Shiran Viraj

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Shiran Viraj