February 2, 2026
Local NewsNews

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයි

 බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසැල් සංඛ්‍යාව 492ක් ඇති බවත් ඉන් 412ක් පෙබරවාරි මස 15 වෙනිදා සිට ආරම්භ කිරිමට කිසිදු ගැටළුවක් නොවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කළ බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරිමට නොහැකි තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් කමිටුව සඳහන් කර තිබුණා.

කෙසේ වුවත් ලබන මාර්තු මස 15 වෙනිදා දිවයිනේ සියලුම පාසැල් විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

Related posts

මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..

Shiran Viraj

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..

Shiran Viraj

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Shiran Viraj