February 1, 2026
NewsSportsSports News

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 85 ක් රැස් කළ අතර ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71 ක් රැස් කළා. 

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් දවාගත්තා. ලකුණු 377 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් රැස් කරගෙන සිටියා. ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17 ක් ලබා සිටි අතර නායක දිමුත් කරුණාරත්න රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 11 ක්. ඒ අනුව මෙම තරඟය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 348 ක් ලබාගත යුතු වනවා. 

nethnews

Related posts

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

Shiran Viraj

දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න

Shiran Viraj

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Shiran Viraj