31.1 C
Colombo
June 9, 2025
News Political

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබේ.

එම මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ දී ගිය සතියේදි එකඟතාවයක් ඇතිකර ගත් ගෙන තිබුණද මැතිවරණ කොට්ඨාසයකට එකම පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නව පනත් කෙටුම්පතේ කර ඇති යෝජනාවට ඇමතිවරුන් වැඩි පිරිසක් විරෝධය පළ කර ඇත.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන් එකී යෝජනාවට විරෝධය පල කර ඇති ඇමතිවරුන් අතර වෙති.

ඒ අනුව එම කාරණාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පළාත්සභා මැතිවරණය කොට්ඨාශ අනුපාත මිශ්‍ර ක්‍රමයට තේ පැවැත්වීම ස්ථිර බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානයට ඉඩ දෙනවා – අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි

Shiran Viraj

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

Shiran Viraj

සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…

Shiran Viraj