February 2, 2026
NewsPolitical

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබේ.

එම මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ දී ගිය සතියේදි එකඟතාවයක් ඇතිකර ගත් ගෙන තිබුණද මැතිවරණ කොට්ඨාසයකට එකම පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නව පනත් කෙටුම්පතේ කර ඇති යෝජනාවට ඇමතිවරුන් වැඩි පිරිසක් විරෝධය පළ කර ඇත.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන් එකී යෝජනාවට විරෝධය පල කර ඇති ඇමතිවරුන් අතර වෙති.

ඒ අනුව එම කාරණාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පළාත්සභා මැතිවරණය කොට්ඨාශ අනුපාත මිශ්‍ර ක්‍රමයට තේ පැවැත්වීම ස්ථිර බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

Shiran Viraj

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයි

Shiran Viraj

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී

Shiran Viraj