April 2, 2026
Local NewsNews

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

අධිකරණයට අපහාස කිරීමේ  වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව  සිටින  රන්ජන් රාමනායක මහතාගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. 

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම  රිට් පෙත්සම ගොනු  කරනු ලැබුවා.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා  යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට සහන ලබා දීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව මෙහිදී විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර සිටියා.

nethnews

Related posts

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Shiran Viraj

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

Shiran Viraj

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj