26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ සදහන් කළේ එම වාර්තාවේ වැදගත් නිර්දේශ රැසක් ඇතුළත් බවයි. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම 

බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදුන්නා. ඒ, එම කමිටුවේ සභාපති චමල් රාජපක්‍ෂ විසින්.

nethnews

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද

Shiran Viraj

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Shiran Viraj