31 C
Colombo
June 3, 2025
News Sports Sports News

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන ටී.එම්. දිල්ශාන් සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී පැවැත්වීමට යෝජිත එම තරගයෙන් ජාතික කණ්ඩායමට යම් පසුබෑමක් වුවහොත් එය ඔවුන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවද දිල්ෂාන් කියා සිටී.

එමෙන්ම තමන් නායකත්වය දරණ ‍ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බවද ඔහු පවසයි.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් ශක්තිමත් කිරීම බවද ඔහු පවසයි.

කෙසේ නමුත් මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරය හෝ දිනයක් පිළිබඳව තමන්ට මේ දක්වා නිල දැනුම් දීමක් කර නැතැයිද න්න ඔහු සඳහන් කරයි.

ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ආබාධයට ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Shiran Viraj

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්

Shiran Viraj